Piyakaru Nature Resort Beliatta | Banquet Hall in Beliatta
Welcome to Piyakaru Nature Resort.
Image

බෙලිඅත්තට අලුතින් එන පරණ අමුත්තා

පියකරු කියන නම බෙලිඅත්තෙ ජීවත් වෙන මිනිස්සුන්ට අලුත් නමක් නෙමෙයි.බස් ස්ටෑන්ඩ් එකේ තියන පියකරු ශොප් එකට නොගිය කෙනෙක් මේ බෙලිඅත්තෙ නැති තරම් ඉතින්.කොහොමින් කොහොම හරි අද මේ කතා කරන්නේ ඒ පියකරු එක ගැන නම් නෙමෙයි.බෙලිඅත්තේ ඉදලා දික්වැල්ල පාරේ යද්දි ගොඩකුඹුර හන්දිය පහුවෙලා 100m විතර යද්දිම දකුණු අත පැත්තේ තියන Piyakaru Nature Resort එක බෙලිඅත්ත දික්වැල්ල පාරෙ යන කෙනෙක් නොදකින්න නම් විදියක් නම් ඇත්තෙම නැ.

COVID-19 නිසා රටේ මහජනතාවගෙ අරක්ශාවට රටේ සියලුම ආයතන වසා දාන්න රජයෙන් දීලා තිබ්බ නියෝග ඉවත් කරගැනිමත් සමග ඔන්න නැවතත් Piyakaru Nature Resort එක ජුලි 1 ඉදලා විවෘත කරන්න තමයි සුදානම.හැබැයි පරණ තිබ්බ විදියටනම් නෙමෙයි. අලුත්ම වෙනසක් සමගින් රජයේ සියලුම නිරෝදායන නීති අනුගමනය කරමින් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් බෙලිඅත්ත ප්‍රදේශවාසීන්ට ලබා දෙන්න තමයි කාර්යමණ්ඩලය සූදානම් වෙන්නේ.

COVID 19 නිසා මාස 3,4 ගෙදරටම වෙලා ඉන්න කාලේ අපෙ කට්ටියට ෆ්‍රයිඩ් රයිස් , කොත්තු හීනෙනුත් පෙනුනා. ඇදිරි නීතියත් සම්පූර්ණයෙන්ම අයින් කරලා තියන වෙලාවේ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් මිනිස්සුන්ට එලියට ගිහින් වෙනසකටත් එක්ක කෑම ටිකක් කන්න කන්න chance එකක් උදාවෙලා තියනවා.අපි හැමෝම ගෙදරින් නැතුව එලියෙන් කෑම ටිකක් කන්න යන්නේ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක්, කොත්තුවක් පවුලේ අයත් එක්ක , යාලුවොත් එක්ක නැත්නම් BF GF එක්ක නිදහසේ ගිහින් කන්නනම් ඉතින් බෙලිඅත්තේ අයට Piyakaru Nature Resort එකටම යන්නම වෙනවා.

කෑම වල ගුණාත්මක භාවය වගේම මිල කියන්නෙත් ගොඩක් අය සැලකිල්ලක් දක්වන දෙයක්නේ.රසම රස චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්, නුඩ්ල්ස් එකක්, සුප් එකක් අතේ ඇති ගානට අරගෙන කන්න පුළුවන් මෙතනට ගියොත් නම් ඉතින්.

බෙලිඅත්තේ මිනිස්සුන්ට තිබුණු ලොකුම අඩු පාඩුවක් තමයි නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට තමන්ගෙ පවුලේ අයත් එක්ක ගිහින් නිදහසේ ගිහින් කෑම ටිකක් කන්න හරි හමන් Family Restaurant එකක් නැති එක.කෑම ටිකක් කන්න පවුලේ අයත් එක්ක එලියට ගියාම එතන තියන පරිසරය , කෑම වල ගුණාත්මක භාවය, මිල කියන්නේ වැදගත්ම දේවල්නේ.ඒ වගේම Restaurant එකේ සේවකයන් විසින් හොද Customer Service ලබා දෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය කියන හැම දේටම විසදුම් තියන තැනක් තමයි මේ Piyakaru Nature Resort කියන්නේ.ඔන්න Restaurant එක අලුතින්ම විවෘත උනු වෙලාවෙ හැමෝටම අරාධනා කරනවා නිදහස් වෙලාවක ඇවිත් Piyakaru Nature Resort එකෙන් කෑම ටිකක් කාලා යන්න එන්න කියලා .

සුභ දවසක්